තිස්සට නොතීසි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට ඔක්තෝබර් 19 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබේ.

ඒ, පසුගිය ජනපතිවරණ සමයේ කූඨ ලේඛන සැකසී යැයි කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට වෙනුවෙනි.

මේ අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.

එසේම හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව පසුගිය රජය සමයේ ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත් කරමින් රජයට පාඩු කළැයි අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 7 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කර තිබේ.