උදාවන සතියේ ලග්න පලාඵල


මේෂ ලග්නය

ලග්නාධිපති ශනි සහ කුජ අටවැන්නේ ගමන් කරමින් උදාවන සතිය තරමක්‌ බාධා ඇති කරන බව පෙනේ. ගෘහ ජීවිතය සතුටුදායක නොවේ. සතිය මුලදි සතුරු කරදරයක්‌ නිසා කලකිරීමක්‌ ඇතිවීමට ඉඩ තිබේ. සෙම්රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරයි. පවුලේ වියදම් ඉහළ යනු ඇත. තැන්පත් ධනය පවා වැයවීමට ඉඩ තිබේ. රැකියා හෝ තනතුරුවලට අභියෝග එල්ල විය හැකිය. නමුත් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගත හැකිවේ. බිරි`ද හෝ සැමියාට ද අපලයක්‌ පෙනේ. මංගල යෝජනා වලට සුබ නොවේ. හවුල් ව්‍යාපාර වලින් පාඩු සිදුවීමට ඉඩ ඇත. ශනි/කුජ දශා ගතකරන අය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

සුබ වර්ණය - කහ, දිලෙන සුදු
සුබ අංක - 1,5

වෘෂභ ලග්නය

ඔබේ ලග්නාධිපති නීචව පස්‌වැන්නේ ස`දු සම`ග ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපල දායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජන වලින් ලාබ ලැබේ. නමුත් පෙම් සබ`දතා වලට තරමක බාධා පවතී. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතත් ඒවා මගහරවා ගැනීමට හැකිවේ. අවිවාහක අයගේ මංගල යෝජනා කල් දැමීමට සිදුවේ. මේ අතර විවාහ සහකරුට අපලයක්‌ ද පෙන්වයි. පදිංචිය පිළිබ`දව අවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ. ඉඩම් ගෙවල් පිළිබ`දව නීතිමය කටයුතු වලට මැදිහත් වීම ශුභ නොවේ. කේතු දශා ගතකරන අයට රැකියා හෝ තනතුරු වල බාධා පවතී.

සුබ වර්ණය - කොළ, සුදු
සුබ අංක - 2,4

මිථුන ලග්නය

ගෘහ ජීවිතය සුබපලදායක වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. මව්පියන්ට සුබයි. පදිංචිය පිළිබ`ද ගැටලුවකට විසඳුම් ලැබේ. චිත්ත ධෛර්ය ඉහළ යයි. නීති අංශවලින්ද පිහිට ලැබේ. ලියකියවිලි වලට අත්සන් තැබීමට සුබ නැකත් යෙදේ. එහෙත් රථවාහන ගනුදෙනු වල දි ප්‍රවේශම් විය යුතුය. ගෘහාශ්‍රිත ව්‍යාපාර කරන අයට විශේෂ සුබපල ලැබේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. පෙම්වතුන්ට තරමක්‌ අපලදායකයි. තැන්පත් ධනයක්‌ ඇතිකර ගැනීමට ද හැකිවේ. රැකියා හා ව්‍යාපාර අංශවල ද සුබදායකයි.

සුබ වර්ණය - කොළ, සුදු
සුබ අංක - 2,4

කටක ලග්නය

මේ සතිය තුළදී ඔබට ප්‍රයෝජනවත් ගමන්බිමන් යෙදේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු වලට යහපත් වේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. අසල්වාසීන් සම`ග සුහදතාවය වර්ධනය වේ. සහෝදරයෙකුට සුබපලදායකයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දරුවන්ට අපලයත් පෙන්වයි. දරුවෙකුගේ මුරණ්‌ඩු බව නිසා සිත් තැවුලක්‌ ඇති වීමට ද ඉඩ තිබේ. ව්‍යාපාර ස`දහා ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. ව්‍යාපාර වලින් බලාපොරොත්තු වන ලාබ නොලැබීමට ඉඩ ඇත. මංගල යෝජනා හෝ පෙම් සබ`දතා වලට තරමක බාධා පවතී. ශනි කේතු දශා ගතකරන අයට තරමක්‌ අපලයි.

සුබ වර්ණය - කහ, සුදු
සුබ අංක - 2,5

සිංහ ලග්නය

උදාවන සතිය පවුලේ කටයුතු වල දියුණුවක්‌ දැකිය හැකි වේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. අන් අය අතර ප්‍රධානියකු ලෙස ක්‍රියා කිරීමට ලැබේ. ආදායම සතුටුදායක වනු ඇත. ව්‍යාපාර වලින් ලාබ ලැබේ. නීතිමය ගැටලුවකට විසඳුම් ලැබේ. උසස්‌ අය සම`ග ඇසුරු කිරීමටත් එවැනි අය දැන හ`දුනාගැනීමටත් අවස්‌ථා උදාවේ. අසනීප වලින් සුවය ලැබේ. මේ අතර පවුලේ වැඩිහිටියෙකුට අපලයක්‌ පෙන්වයි. ඉඩම් වල දියුණුවට කරන කටයුතුවලට බාධා පෙන්වයි. පදිංචි ස්‌ථානයට හෝ ඉඩකඩම්වලට සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ. විවාහ සහකරුට අපලයි. ශනි කේතු දශා ගතකරන අයට තරමක්‌ අපලයි.

සුබ වර්ණය - දිළෙන සුදු, රෝස
සුබ අංක - 1,3

කන්‍යා ලග්නය

උදාවන සතිය ඔබේ බලාපොරොත්තු බොහෝ දුරට ඉටුවන බව පෙන්වයි. රැකියා වේ හෝ තනතුරේ උසස්‌වීමක්‌ ලැබීමට හේතුවේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු වලට සුබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාග වලින් හෝ සම්මුඛ පරීක්‍ෂණ වලින් සමර්ථ වේ. දරුවන්ට සුබයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ඒ ස`දහා අවස්‌ථා උදාවේ. විදේශ ගමන් වලටද සුබයි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. පෙම් සබ`දතා ස්‌ථිර වේ. ධන ලාභ ලැබේ. අනාගතය ගැන සිතා සිටි බොහෝ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට කටයුතු යෙදේ. කේතු දශා ගතකරන අයට තරමක්‌ අපලයි.

සුබ වර්ණය - කහ, කොළ, සුදු,
සුබ අංක -2,4,5

තුලා ලග්නය

උදාවන සතිය ඔබට මිශ්‍රඵලදායක බව පෙන්වයි. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීම ස`දහා තරමක්‌ වෙහෙස වීමට සිදුවනු ඇත. පවුලේ කටයුතු වෙනුවෙන් අමතර වියදම් දැරීමට ද සිදුවේ. තැන්පත් මුදල් පවා වැයවීමට කරුණු යෙදෙනවා ඇත. ව්‍යාපාරිකයින්ට බලාපොරොත්තු වන ලාබ නොලැබී යයි. එසේ වුවත් රැකියා හෝ ව්‍යාපාර ස`දහා උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. නීතිමය අංශවල සහයෝගය ලැබිය හැකිවේ. උසස්‌ අය හ`දුනාගැනීමට අවස්‌ථා උදාවේ. වැඩිමහල් සහෝදරයකු ගේ රැකියා ප්‍රශ්නයකට ද විස`දුම් ලැබේ. විදේශ ගමන්වලට සුබයි. අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා පවතී.

සුබ වර්ණය - සුදු,
සුබ අංක - 1,2

වෘශ්චික ලග්නය

මෙම සතිය තුළදී ඔබේ රැකියා අංශවල විශේෂ දියුණුවක්‌ ඇති වන බව පෙනේ. රැකියා නොමැති අයට රැකියා අවස්‌ථා උදාවනු ඇත. අන් අයට තනතරු උසස්‌වීම් ලැබීමට ද හේතුයි. ව්‍යාපාර හෝ රැකියා අංශවල උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. දරුවන් පිළිබ`දව තිබූ ගැටලුවකට විසඳුම් ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. කෙසේ නමුත් ශනි දශා අතුරු දශා ගතකරන අයට ගෘහ ජීවිතය පිළිබ`දව තරමක බාධා ඇති කරයි. රැකියා අංශවල ප්‍රධානීන්ගේ ප්‍රසාදය ඇතිවීමට ද කරුණු යෙදේ. ව්‍යාපාරිකයින්ට සතුටුදායක ආදායමක්‌ ලබා ගත හැකියි. විවාහ සහකරුට තරමක්‌ අපලයි. අවිවාහක අයගේ මංගල යෝජනාවලට ද බාධා පවතී. ශනි කුජ දශා ගතකරන අයට අපලයි. අන් අයට මිශ්‍රපලදායකයි.

සුබ වර්ණය - සුදු, කහ
සුබ අංක - 2, 5

ධනු ලග්නය

උදාවන සතිය තුළ ඔබට ගෘහ ජීවිතය පිළිබ`දව සාර්ථක තත්ත්වයක්‌ ඇතිකර ගැනීමට හැකියාව ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. නිතර නිවසින් පිටව යාමට සිදුවුවද ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙනු ඇත. තනතුරේ හෝ තත්ත්වයේ කැපී පෙනෙන අන්දමින් ක්‍රියාකළ හැකිවේ. රැකියා හෝ තනතුරු ලාබ ලැබේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ ගමන් වලින් සුබපල ලැබේ. නතරවී තිබූ නිවාස ඉදිකිරීම් කටයුතු නැවත ඇරඹීමට පහසුකම් සැලසේ. අමනාපවී සිට උසස්‌ කෙනෙකු නැවත හිතවත් වනු ඇත. දෙවියන්ට භාරහාර වීමට ද සුබ සතියකි. දරුවෙකුට අපලයක්‌ ද පෙන්වයි. ශනි කුජ දශා ගතකරන අයට තරමක්‌ අපලයි.

සුබ වර්ණය - දිලෙන සුදු, කහ
සුබ අංක - 1,5

මකර ලග්නය

මකර ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපලදායකයි. උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන අයට විශේෂ සුබපල ලැබේ. විදේශ අධ්‍යාපනයන් ලැබීමට ඇති බලාපොරොත්තු සඵල වේ. අසනීපවලින් සුවය ලැබේ. අසල්වාසීSන් සමඟ පැවති අමනාපකම් දුරුවේ. දුර වන්දනා ගමනක්‌ යාමට හිත යොමුවේ. දුර ගමනක්‌ යාමටද සිදුවනු හැකිය. පින්කමකට සහභාගිවීමට හැකිවේ. මේ අතර පෙම් සබ`දතාවන් පිළිබ`දව ගැටලුවක්‌ ඇතිවීමට ඉඩ තිබේ. ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන විට ප්‍රවේශම් වන්න. බිරි`ද හෝ සැමියාට සුබයි. විවාහ සහකරු නිසා ධනයක්‌ ලැබීමට ද ඉඩ තිබේ.

සුබ වර්ණය - නිල්, කොළ
සුබ අංක - 4,7

කුම්භ ලග්නය

උදාවන සතිය ඔබට මිශ්‍රපලදායක බවක්‌ පෙන්වයි. ශරීර සනීපය හා වියදම් ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වනු ඇත. ආදායම් මාර්ග වලට බාධා ඇති වන අතර තැන්පත් මුදල් වැයවීමට ද ඉඩ තිබේ. ගෘහ ජීවිතයේ බොහෝ කටයුතුවලට බාධා පවතී. නිවාස ඉදිකිරීම් වලට බලාපොරොත්තු නැති කරදර ඇති වීමටද ගොවිතැන් අසාර්ථක වීමට ද ඉඩ තිබේ. දරුවෙකුට අපලයි. අධ්‍යාපන කටයුතු වලට අවහිරවන ලෙසින් රෝගාබාධ ඇතිවීමට ද ඉඩ තිබේ. ස්‌නායු ගත රෝග සහ සෙම්රෝග විශේෂයි. එහෙත් රැකියා හා ව්‍යාපාරවලද අන් අයගේ සහයෝගය ලැබේ. ශනි කේතු දශා ගතකරන අයට තරමක්‌ අපලයි.

සුබ වර්ණය - නිල්
සුබ අංක - 7

මීන ලග්නය

මෙම සතිය ඔබට සුබපලදායක බව පෙනේ. අවිවාහක අයට මංගල යෝජනා යෙදේ. අඹුසැමි අමනාපකම් දුරුවී සමගිය ඇතිවේ. බිරි`ද හෝ සැමියාට සුබයි. චිත්ත ධෛර්ය ඉහළ යයි. අසනීප වලින් සුවය ලැබේ. හවුල් ව්‍යාපාර ආරම්භයටද සුබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැකි වේ. දරුවන්ට සුබයි. දරුවන් බලාපොරොත්තු අයටද දරුලාභ ලැබීමට යෙදෙයි. සතුරු කරදර වලින් ජය ලැබේ. විදේශ ගමන් වලට තරමක බාධා පවතී. ණය මුදලක්‌ ලබා ගැනීමට පහසුකම් සැලසේ. කේතු දශා ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න.

සුබ වර්ණය - කහ, රෝස
සුබ අංක - 3,5

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්