ශ්‍රී ලංකාවට ලෝකයට ආදර්ශයක් - ඔබාමා කියයි

මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන්නේ පරිවර්තනයක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් බවත් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා තමන්ට පැවැසූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාවේදී පැවැසීය. මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය තවදුටරත් ලබාදීමට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකානු ජනපතිවරයා සඳහන් කළ බවයි.

එසේම ඇමෙරිකානු වේලාවෙන් අද (21දා) සවස ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට නියමිත අතර සිය කතාවේදී මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳව මෙන්ම කාලගුණ විපර්යාස පිළිබඳව අදහස් දක්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔසට්‍රේලියානු අගමැති මැල්කම් ටර්බූල් මහතා හා පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවෙන් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පිටත්වන අනවසර සංක්‍රමණිකයින් වැළැක්විම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ බවද ජනපතිවරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හමුවූ විට ඔහු ශ්‍රී ලංකාවේ වර්තමාන වැඩපිළිවෙළ පිළිබඳව සතුටු වෙන බවත් ශ්‍රී ලංකාව සමග ඈත්වීමක් නොමැති බව ප්‍රකාශ කළ බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.