මිතුරකුගේ නිවසට ගෙන ගොස්‌ පෙම්වතියට අතවර

දාහතර හැවිරිදි තම පෙම්වතිය මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස්‌ ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පහළොස්‌ හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්‌වූ දැරිය මොනරාගල නගරයේ පාසලක නවය වසරේ ඉගෙනුම ලබන අතර අපරාධය සිදු කළ ශිෂ්‍යයා වැදිකුඹුර ප්‍රදේශයේ පාසලක දහය වසරේ ඉගෙනුම ලබති.

දැරියගේ මව මියගොසිනි. පියා වෙනත් විවාහයක්‌ කරගෙන සිටී. දැරිය රැක බලාගෙන ඇත්තේ ආච්චි අම්මාය.

සති දෙකකට පමණ ඉහතදී කතරගම ගිය අවස්‌ථාවකදී දෙදෙනා හඳුනාගෙන ඇත. පසුව සැප්තැම්බර් 2 දා තම පෙම්වතිය මැදගම මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස්‌ දින දෙකක්‌ අඹුසැමියන් ලෙස හැසිරී ඇති බව පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ. මොනරාගල පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.