තොණ්‌ඩමන් ඇමැතිකමක්‌ ඉල්ලයි

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතා තමන්ට ඇමැති ධුරයක්‌ ලබාදෙන ලෙස දෙවැනි වතාවටත් ආණ්‌ඩුවෙන් ඉල්ලීමක්‌ කර ඇත.

පාර්ලිමේන්තු පාරේ පිහිsටි සිය නිවසේ දී පසුගියදා පැවති සාදයකට පැමිණි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහලේකම් දුමින්ද දිසානායක හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ගෙන් තොණ්‌ඩමන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ එක්‌ව ඉදිරි මැතිවරණවලදී කටයුතු කිරීමට මේ වන විට කැමැත්ත පළ කර තිබෙන තොණ්‌ඩමන් මහතා එලෙස කටයුතු කිරීමට නම් තමන්ට ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැති ධුරයක්‌ ලබාදිය යුතු බව එහිදී සඳහන් කර ඇත. 

ඇමැති පලණි දිගම්බරම් මහතා මේ වන විට එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජිතයෙක්‌ ලෙස වතුකරයේ පුළුල් බලයක්‌ ගොඩනඟමින් සිටින බවත් ඊට මුහුණ දී ඉදිරි මැතිවරණවලදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ ක්‍රියාකිරීමට නම් තමන්ට ඇමැති ධුරයක්‌ අවශ්‍යම බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.