පාක්ෂිකයින් කලකිරිලා

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට පක්ෂය පිළිබඳ කලකිරීමක් ඇති වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ සිටින ප්‍රබලයින් සංවිධායක ධූරවලින් ඉවත් කිරීම ඊට හේතු වී ඇති බවයි.

මේ අතර රට රැක ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට වුවද සිදු විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටට වඩා වැදගත් තවත් කිසිවක් නොමැති බවයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.