බදු සමග සිගරැට්‌ටුව රු. 46 ට නගී

රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන බදු ඉහළ දැමීම හේතුවෙන් සිගරැට්‌ටුවක මිල රුපියල් 11 කින් පමණ ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සිගරැට්‌ටුවක්‌ සඳහා 15% වැට්‌ බද්ද සහ තවත් රුපියල් පහක්‌ අය කෙරෙනු ඇතැයි ද පැවසේ.

ඒ අනුව දැනට රුපියල් 35 ක්‌ වන වෙළෙඳ පොළේ පවතින සිගරැට්‌ටුවක මිල රුපියල් 46 දක්‌වා ඉහළ යනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

රජය විසින් ගෙන ඒමට නියමිත දුම්කොළ බද්ද ද මෙම මිල වැඩිවීම කෙරෙහි බලපාන අතර ඊට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ලබන සතියේ දී කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.