13 දැරියට අතවර කළ 12 සැකකරු අත්අඩංගුවට

ළඳු කැළෑවකට රැගෙන ගොස්‌ මුදල් ලබා දී වයස අවුරුදු 13 ක දැරියකට ලිංගික අතවර සිදුකළැයි වයස අවුරුදු 12 ක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට හැකිව ඇත.

එසේ අත්අඩංගුවට ගැනුණේ කැකුලාකඩ වැවගම ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක්‌ වූ පිරිමි ළමා සැකකරුවකු වූ අතර පියා හැරගොස්‌ මව විදේශගතව ඇති සැකකරු අධික නිල් චිත්‍රපට නැරඹීමට හුරුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

කුලියාපිටිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක සාවිත්‍රී සිරිමාන්න මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් දයාරත්න (58527) කාන්තා පොලිස්‌ සැරයන් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සැකකාර දරුවා පොලිස්‌ භාරයට ගෙන ඇති අතර ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවති.