ඇඹිලිපිටියට අලි ඇවිත්-1ක් මරුට

ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙලෙස පහර කෑමට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

අද(30) උදෑසන ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයට පැමිණි වන අලි දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් පන්නා දැමීමට කටයුතු කර ඇති අතර එහීදී එක් අලියෙකු ලියනෑගම ප්‍රදේශයටත් ‍අනෙක් අලියා හතේඇළ ප්‍රදේශයටත් ගොස් තිබේ.

අනතුරුව එම අලින් විසින් ප්‍රදේශයේ නිවෙස්වලට, වාහන සහ වගාවන්ට හානි සිදු කර ඇති බවද වාර්තා වෙයි.

වන අලින්ගේ පහර කෑමට ලක්වූ පුද්ගලයින් රෝහල් ගත කර ඇති අතර එහිදී එක් අයෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ඇඹිලිපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එන්.එච්.ධර්මතිලක මහතා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම මේ වන විට අලින් පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු සිදු කරන බවත්, ඒ අවස්ථාව අතරතුරදී වනජීවී නිලධාරීන් හා ජනතාව අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වූ බව  වාර්තා වෙයි.