CCTV දුන්නට දාපු චන්ඩි පාට් - Video

තරුණයෙකුට මරු කැඳවු පාදුක්ක මලගල මාර්ගයේ සිදුවු අනතුරට අදාල සි.සී.ටී.වී දර්ශන පොලිසියට ලබාදිමට එරෙහිව තමන්ට තර්ජන එල්ලවන බව එම නිවැසියන් පවසනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.

පාදුක්ක මලගල මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් කැබ් රථයක ගැටී සිදුවු මෙම අනතුරින් 19 හැවිරිදි තරුණයෙකු පසුගිය 16 වැනිදා මරණයට පත්වුණා. සාදයක් පැවති නිවසක සිට පිටත්වන කැබ් රථයක යතුරුපැදිය ගැටෙන ආකාරය අසල නිවසක සි.සී.ටී.වී කැමරාවක ඉතා පැහැදිලිව සටහන් වි තිබුණා.
එම දර්ශන ඇසුරින් කැබ් රථය පැදවු 17 හැවිරිදි තරුණයෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් සාදය පැවති නිවසේ පුද්ගලයින් තමන්ට මරණ තර්ජන එල්ල කරන බවයි එම සි.සි.ටී.වී දර්ශන පොලිසියට ලබාදුන් නිවැසියන් පවසන්නේ. එම සි.සි.ටී.වී දර්ශන නිසා තමන්ට ගැටලූ ඇති වු බව පවසමින් කැබ් රථයේ පැමිණි පාර්ශවයෙන් සී.සී.ටී.වී භාවිතා කර තිබු නිවැසියන්ට පසුගිය ඉරිදා බලපෑම් එල්ල වෙන ආකාරයද මෙසේ පටිගත වි තිබුණා.

මෙම ගැටුම සම්බන්ධයෙන් එම නිවැසියන් පාදුක්ක පොලිසියට පැමිණිල කර තිබෙනවා.