ප්‍රාග්ධන බද්ද යළිත්

ප්‍රාග්ධන බද්ද මේ වසරේදී යළි ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වසර 3කට පමණ පෙර මේ ප්‍රාග්ධන බද්ද අය කිරීම අත්හිටුවුවද එය නැවත ක්‍රියාත්මක කිරීමට පැවැති රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව පිටකෝට්ටේ ජාතික සේවක සංගම් පරිශ්‍රයේදී ඊයේ (25දා) පැවැති උත්සවයකදී පැවැසුවේය. ප්‍රාග්ධන බද්ද අත්හිටුවීම නිසා කොම්පැනිකාරයන් ඇතුළු ධනපතියන්ට යහපතක් වූවා මිස වැඩ කරන ජනතාවට කිසිදු සෙතක් සිදු නොවූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කෙළේය.