'හෝ ගානා පොකුණ'ට බොදු බලෙන් පැමිණිල්ලක්

'හෝ ගාන පොකුණ' චිත්‍රපටය බුදුරජාණන්වහන්සේ ගේ සුත්‍ර දේශනාවක් වැරදි ලෙස අර්ථ දක්වා ඇතැයි බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.

ඔවුන් එසේ චෝදනා කලේ අද චිත්‍රපට සංස්ථාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමිනි.

අදාල පැමිණිල්ල සිදුකරමින් එම සංවිධානය ඉල්ලා සිටියේ මහජනයා වෙත එම චිත්‍රපටයේ DVD බෙදා හරිම නවත්වන ලෙසයි.

කෙසේ නමුත් අදාල චිත්‍රපටය පසුගිය දා පැවති දේශීය සිනමා සම්මාන උළෙලක දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සමග සම්මාන හතකින් පිදුම් ලැබූ අතර විදේශීය සම්මාන කිහිපයක් ද හිමි කරගෙන තිබේ.

ඉන්දික පර්ඩිනැන්ඩෝ විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය පසුගිය වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ද වේ.

මෙම චිත්‍රපටයේ DVD තැටි බෙදා හැරීමේ කටයුතු සිදුකරන්නේ සුනිල් ටී. චිත්‍රපට අනුබද්ධ සමාගමක් වන ඇඩ් ඉන්ෆිනිටි නම් ආයතනයක් විසිණි.