ශිෂ්‍යයා පරිවාසයට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිලවෙබ්අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙකු අද (30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. (29දා) දිනයේදී මෙම සිද්ධියට අදාළව කඩුගන්නාව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම පාසල් සිසුවාගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව මෙම සිද්ධියට අනුබල දුන් මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29දා) අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයා ලබන 02දා දක්වා පරිවාස භාරයට පත්කර තිබේ.මීට අමතරව අද (30දා) අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සැප්තැම්බර් 02 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනගාර ගත කර ඇත.

මොවුන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.