විජය නන්දසිරි සමුගනියි

චිත්‍රපට, වේදිකා, ටෙලි නාට්‍ය යන අංශ තුනම ජයගත් ප්‍රකට රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හෙතුවෙන් කලුබෝවිල රෝහලේදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

අද (08දා) ඔහු සිය දිවියෙන් සමුගන්නා විට 72 වැනි වියේ පසුවිය. විජය නන්දසිරි මහතා මේ වන විට තිරගත වෙන වේදිකා නාට්‍ය බල්ලොත් එක්ක බෑ, අලුත් හොරු යන නාට්‍ය වලද රඟපාමින් සිටියේය. මෑත කාලයේදී ඔහු රගපෑ චිත්‍රපට අතරින් සුහද කොකා චිතපටය සාර්ථක තිරගත විය.

නෝනාවරුනි මහත්වරුනු, යරස් බොස්. එතුමා මෙතුමා යන ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයකට රංඟනයෙන් දායක විය.

ඔහු රංගනයේ දායක වූ වේදිකා නාට්‍ය ගණන 40ක් ඉක්මවන අතර සුබ සහ යස, නරියා හා කේජු කෑල්ල, ඒකාධිපතිථ තාරාවෝ ඉගිලෙති, හුණුවටෙය් කතාව යන වේදිකා නාට්‍ය වෙයි.
විජය නන්දසිරි නමැති මේ රංගවේදියාණන්ගේ රංගන දිවිය වගේම විජය - දේවිකා විවාහ දිවිය ගැනත් ඉතා හැඟුම්බරව නිර්ව්‍යාජව කළ කතා බහක් පසුගියදා හිරු නාලිකාවේ විකාශය වූ ‘දෙහදක ආදරේ‘ වැඩසටහනට සහභාගී වෙමින් විජය - දේවිකා දෙපල සඳහන් කළා.

ශ්‍රී ලාංකීය රංග කරළිය දිග් විජය කළ විජය නන්දසිරි හා දේවිකා මිහිරාණි සිය ආදර කතාව සේම ජීවිත කතාව පිළිබදවද මෙලෙස හඬ අවදිකළා.

එම වීඩියෝව පහතින් නරඹන්න.