උඩුවේ හිමිට විදේශ ගතවෙන්න අවසර

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට විදෙස් ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

අදාළ චෝදනාවට ඇප ලබාදීමේ දී උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් ලබන මස 03 වැනිදා සිට 07 වැනිදා දක්වා කාලසීමාව තුළ බ්‍රිතාන්‍යයේ ධර්මදේශනාවක් සඳහා සහභාගී වීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ධම්මාලෝක හිමියන් මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා උන්වහන්සේට සතියක කාලයක් සඳහා විදෙස් ගත වීමට අවසර ලබා දී තිබේ.

තමන් වහන්සේට විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස ධම්මාලෝක හිමි මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.