මහින්දගේ මන්ත්‍රීන් ශ්‍රීලනිප සමුළුවට නෑ

ඒකාබද්ධවිපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි නොවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන ආසනවල ආසන බල මණ්ඩල කැඳවා පක්ෂ සම්මේලනයට සහභාගි විය යුතු දැයි පක්ෂ සාමාජිකයින්ගෙන් මේ දිනවල විමසමින් පවතියි. 

මේ වන විට කැඳවූ ආසන බල මණ්ඩලවල තීරණය වී ඇත්තේ පක්ෂ සම්මේලනයට සහභාගි නොවිය යුතු බවයි. කැඳවීමට නියමිතව ඇති ආසන බල මණ්ඩලවල සභිකයින් අදහස් දක්වන ආකාරය අනුව එම ආසන බල මණ්ඩලවල තීරණය වනු ඇත්තේද පක්ෂ සම්මේලනය සහභාගි නොවිය යුතු බව යැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රන්මලී සෝමසිරි