දඹුල්ල ක්‍රීඩාංගණයේ ගස් කපයි

පසුගියදා ටී.එම්. දිල්ෂාන්ගේ අවසන් එක්දින තරඟය පැවති දඹුල්ල ක්‍රීඩාංගනය අවට ගස්වලද නැගී පිරිසක් තරඟය නරඹනු අපට දැනගන්න ලැබෙනවා.

මේ වන විට එම ගස්වල අතු පාත්වී තරඟය නරඹන්නට පිටියට පැමිණෙන අයට බාධා ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබූ එක් ගසක් කපා ඉවත් කරන්නට ක්‍රීඩා පිටිය භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම ගසේ තරඟය පැවති දින 70-80ක් පමණ පිරිසක් නැගී සිටි බවත් ඒ නිසාවේන එහි අතු කැඩී ගොස් තිබූ නිසාවෙන් අද දින පැමිණෙන පිරිසට අපහසුතාවක් ඇතිවන නිසාවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වෙනවා.

පසුගිය තරගයට පෙර දිනය වනවිටත් ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන්ව තිබුණු අතර ඇතැමුන් ආරක්ෂිත ගේට්ටු කඩා බිඳ දමමින් ක්‍රීඩාංගණයට ඇතුළු වූ බව දැනගන්නට ලැබෙනවා.

මේ නිසාවෙන් අද දිනයේ විශේෂ ආරක්ෂාවක් ක්‍රීඩාංගණයට ඇතුලුවන අවස්ථාවේ යොදා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.