ලංකාවේ 9657ක් සියදිවි නසාගෙන

ශ්‍රී ලංකාවේ ඉකුත් වසර තුනේදී සියදිවි නසාගැනීම් 9657ක් සිදුවී ඇත. එම සියදිවි නසාගැනීම් අතරේ පුරුෂයන් 7576ක් සහ ස්ත්‍රීන් 2081ක් ඇති බව සඳහන් වෙයි. ස්ත්‍රීන් 752ක් හා පුරුෂයන් 2703ක් 2013 වසරේද, ස්ත්‍රීන් 660ක් හා පුරුෂයන් 2484ක් 2014 වසරේද, ස්ත්‍රීන් 669ක් හා පුරුෂයන් 2389ක් 2015 වසරේදීද දිවි නසා ගැනීම් සිදුවී ඇත.

ඉකුත් වසර තුනේදී සිදුවූ සියදිවි නසාගැනීම් වලින් වැඩිම ප්‍රමාණය වන සියදිවි නසාගැනීම් ප්‍රමාණය වයස අවුරුදු 71න් ඉහළ සහ වයස අවුරුදු 21 - 25 අතර අය අතුරින් සිදුවී ඇත.

වයස අවුරුදු 8 - 16 අතර 244ක්ද, 17 - 20 අතර 690ක්ද, 26 - 30 අතර 852ක්ද, 31 - 35 අතර 849ක්ද, 36 - 40 අතර 772ක්ද, 41 - 45 අතර 770ක්ද, 46 - 50 අතර 822ක්ද, 51 - 55 අතර 837ක්ද, 56 - 60 අතර 756ක්ද, 61 - 65 අතර 709ක් හා 66 - 70 අතර 465ක්ද සියදිවි හානිකරගැනීම් සිදුවී ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක නඟා තිබූ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්නයකට, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) සභාගත කළ පිළිතුරෙහි මෙම තොරතුරු අනාවරණය කර ඇත.