බීම වර්ග වලින් නෑම Video

මෙම ඔසු දෝවනාගාරය එනම් මෙම ස්පා එක පිහිටා තිබෙන්නේ ජපානයේය. අප බොහෝ දෙනෙක් වෙහෙසකර දිනයන් වලදි බලාපොරොත්තු වන එකම දෙය නම් අපට සැහැල්ලුවෙන් කැමති බීමක් රස විදිමින් සිටිමටයි. 

අධික වෙහෙසකර දිනයන් වලදි බීම තටාකයක් ගිලි සිටීමට හැකි නම් යයි හැඟිමක්ද මතු වෙයි.එසේ නම් ඔබේ බලාපොරොත්තු සඵල කරගත හැකි එකම ස්ථානය නම් මෙම ජපානයේ පිහිටි කෝවේකියන් යුන්සුන් නැමැති ස්පා එකයි.

මෙම ස්පා හි ඔබ කැමතිම බීම වර්ගයේ ගිලි කිමිදෙමින් සිටිමට ඔබට හැකියාව ලැබෙයි.මෙය සැබැවින්ම පුදුමය දනවන සුළු අතර මේ අවට වෙසෙන්නෙකු නම් මෙහි ගොස්ම වෙනස වටහා ගත යුතුයි.

මෙම ස්නානයන් කොපි,කොළ තේ,රතු වයින්,සේක් යන මද්‍යසාරය හා තවත් නොයෙකුත් පානයන්ගෙන් ලබා ගත හැකියි.මේවා වෙන් වෙන් වශයෙන් ගත් කල මේවායින් ලැබෙන යහපත් ප්‍රථිඵල ද ඇත.

උදාහරණයක් ලෙස කෝපි ස්නානයෙන් මේදය එකතු විම අඩු කරයි.එමෙන්ම රතු වයින් තුලින් බැක්ටිරියා අසාධන වලින් තොරව සමට ආරක්ෂාවක් ද කොළ තේ ස්නානයෙන් තරුණ පෙනුමක්ද ලබා දෙයි.මෙය ඉතා සනීප දායක මෙන්ම නවමු අත්දැකිමක් එකතු කරන බව නම් සැබෑය.

 මෙම විඩියෝව නැරඹිමෙන් අනතුරුව ඔබටම එය වටහාගත හැකිය. මෙහි ගිය ජපාන වැසියන් මේ පිළිබඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඔවුන් පවසන අන්දමට මෙය ඉතා අනගි තමන්ගේ දරුවන් සමඟ ගොස් ගත කල හැකි ස්ථානයක් බවයි. එමෙන්ම මෙම ස්නානයන් තුලින් සෞඛ්‍යයට හිතකර තත්වයන්ද ඇති කරගත හැකි බව ඔවුන්ගේ මතයයි.