දැරියන්ගේ කන්‍යාභාවය නැතිකරන පූජකයා ! Video

කුඩා දැරියන්ගේ කන්‍යාභාවය නැති කිරීම සඳහා මුදල් අයකරනා පූජකයෙක් පිළිබඳව පුවතක් මලාවි රටෙන් වාර්තා වනවා.

මලාවි හි සම්ප්‍රදායන්ට අනුව වැඩිවියට පත්වන දැරියන් අදාළ පුජකයන් වෙත මුදල් ගෙවා යොමු කරන්නේ ඔවුන්ගේ දෙමව්පියන් විසින්.ඔවුන්ගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවගේ පිරිසිදු බව රැකෙන්නේ පුජකයෙක් සමඟ ලිංගික එක්වීමකින් පසුව බවටයි.

එම සම්ප්‍රදායික පුජකයන් අතර මුල් තැන හිමිවන්නේ එරික් අනීවා නමැති පුජකයෙකුටයි.

කෙසේ වෙතත් එරට සමාජ සංවිධාන පෙන්වා දෙන්නේ මේ වන විට මෙම පුජකයාට HIV අසාදනය වී ඇති බවටයි.

එසේ වුවද මව්පියන් දැඩි මිත්‍යා මත හේතුවෙන් කුඩා දැරියන් මෙම පුද්ගලයා වෙත යොමු කරන බව ඔවුන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එරට බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වලට අනුව මලාවි හි පුද්ගලයන් දසදෙනෙකුගෙන් එක් අයෙකු HIV අසාදිතයන් වනවා.