මැජික් එක වැරදී යකඩ උලක් ඇනෙයි Video

සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර නිවේදිකාවකට මුහුණ දීමට සිදු වූ වේදනාබර සිදුවීමක් පිළිබඳව පෝලන්තයෙන් වාර්තා වනවා.

ඒ එම රූපවාහිනී වැඩසටහනට සහභාගීවීමට පැමිණි මැජික් ශිල්පියෙකුගේ මැජික් අංගයක් වැරදී යාම හේතුවෙන්.

කඩදාසි බෑග 4ක් අතට ගන්නා මෙම මැජික් ශිල්පියා ඉන් එක් බෑගයකට යකඩ උලක් ඇතුළු කරනවා.

පසුව කිසිවෙකුට නොපෙනෙන අයුරින් කඩදාසි බෑග අහඹු ලෙස මාරුකරනු ලබන මැජික් ශිල්පියා එක් බෑගයකට තම අතින් පහර දෙන්නේ ප්‍රේක්ෂකයින් ත්‍රාසයට පත් කරවමින්.

ඔහු දෙවන බෑගයට පහර දීමට යොදාගන්නේ තම අත නොව වැඩසටහන මෙහෙයවන නිවේදිකාවගේ අත යි.

ඇගේ අත ගෙන වේගයෙන් බෑගයට පහර දීමෙන් පසු ඇසෙන්නේ නිවේදිකාව වේදනාවෙන් කෑගහන ශබ්දය යි.

සිදු වී ඇති දෙය තේරුම් ගැනීමට මැජික් ශිල්පියාට යම් කාල වේලාවක් ගතවන්නේ තම මැජික් ශිල්පය කෙරෙහි ඇති ආත්ම විශ්වාසය නිසා වන්නට පුළුවන්.

කෙසේ වෙතත් මැජික් අංගය වැරදී යකඩ උල නිවේදිකාවගේ අත පසාරු කරගෙන ගොස් ඇති බව සියළු දෙනාම කම්පනයට පත් කරවමින් දර්ශනය වනවා.

එම සංවේදී වීඩියෝව පහතින්