"නාවල අන්නාසි" ගීතයේ අලුත්ම Version එක

ශ්‍රී ලාංකීය දේශපාලන වේදිකාව කවදත් දිනෙන් දින උණුසුම්වන ක්ෂේත්‍රයක්.

මෙරට දේශපාලනඥයින් අතුරින් ඇතැම් චරිත විශේෂ ලෙස ඉස්මතුවන්නේ ඇතැම් විට අහඹු සිදුවීම් හරහා.

ජනප්‍රියත්වය කෙසේ වෙතත් මෙම දේශපාලන චරිත අතිශයින් ප්‍රසිද්ධියට ලක් වන්නේ ඇතැම් විට එක රැයකින්.

මෙරට දේශපාලන වේදිකාවේ විවිධාකාර රංගනයන් දක්වන ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ නම් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශය සම්බන්ධ කරමින් නිර්මාණය අපූරු ගීතයක් මේවන විට ලාංකීය සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

FTT කණ්ඩායම විසින් නිර්මාණය කර ඇති මෙම ගීතයට යොදා ඇති මියුසික් වීඩියෝව ද ඉතා සිත් ගන්නා සුළු අයුරින් තනා ඇත්තේ අදාළ දේශපාලන චරිතයන්ගේ මුහුණු මෙන් සැකසූ වෙස් මුහුණු ද භාවිත කරමින්.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා විසින් ගායනා කරන "නාවල අන්නාසි" ගීතයේ තනුවට අනුව ගායනා කෙරෙන මෙම ගීයෙහි පද රචනය කොට ඇත්තේ අනුරාධ සිගේරා විසින්. අධ්‍යක්ෂණය අදීෂගෙන්.

එම අපූරු ගීතය පහතින් නරඹන්න