අලි රෝෂාන්ගේ ඇතින්නක් අත්අඩංගුවට

කතරගම ඇසළ මංගල්‍යට පැමිණ පෙරහැරේ ගමන් ගත් සමාධි නම් ඇතින්න අද කතරගම ඇත් ගාලේ සිටිය දි වන ජිවි දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 17 ක් පමණ වන මෙම ඇතින්න සම්බන්දව 2014.08.31 වැනි දින කොළඹ මහා අධිකරණයේ (531313253-15) යටතේ මහරගම අංක 363 දරණ ස්ථානයේ පදිංචිව සිටින එස්.එන් රෝෂන්(අලි රෝෂාන්) නමති අයට එරෙහිව වන ජිවි දෙපාර්තමේන්තුවෙන් පැවරු නඩුවක් අනුව මෙම අලියා රුපියල් ලක්‍ෂ 50 ක ඇපයක් මත පෙරහැර වල් වලට පමණක් සහාභගි කරවීම පිණිස මුදාහැර තිබේ.

මෙම ඇතින්න සම්බන්දව සීි.අයි.ඩි ය වෙත පරික්‍ෂණ කිරිමට අධිකරණය නියෝග කර තිබුණි.

මේ අනුව මෙම ඇතින්නට අයත් ලිපි ගොනු ව්‍යාජ බව සළකා සීි.අයි.ඩී ය හා වන ජිවි නිළධාරින් මෙම ඇතින්න රැගෙන යාමට පියවර ගනු ලැබීය.

(කතරගම සංචාරක - කේ ඩි දේවප්‍රිය)