මහින්දයි - බැසිලුයි හිටපු පුංචි මන්ත්‍රීවරු හමුවෙති

හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසඳය අතර විශේෂ සාකච්ජවාක් නෙලුම් මාවතේ පිහිටි කාර්යාලයේදී පැවැත්වා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගිවී සිටිය බවත් වාර්තා වෙනවා. මෙම සාකච්ඡාවට පැමිණි සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනම දේශපාලන මතවාදයක් සමග නව පක්ෂයක් ආරම්භ කිරීමට හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වෙනවා.