ක්‍රිකට් ලෝලියකු නිරුවත් රංගනයක

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කර තිබියදී පිටිය පුරා එලා තිබූ ආවරණ මතට පැමිණි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලියකු නිරුවත් රංගනයක යෙදුණේය.

ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව යට වැස්සේ තෙමෙමින් රැස්ව සිටි ඔස්ට්‍රේලියා‍නු ක්‍රිකට් ලෝලීන් අතර සිටි උස හීන්දෑරී තරුණයෙක් පිටිය මැදට පිවිස ජලයෙන් පෙඟී තිබූ ආවරණ මත දිගාවිය. ඉන්පසුව නැගිට සිටි ඔහු පළමුව බැනියම ඉවත් කර වීසි කළේය. ඉන්පසුව කොට කලිසමද ඉවත් කළ ඔහු උපන් ඇඳුමෙන් යුතුව ආවරන මත ලිස්සා යමින් රංගනයක යෙදුනේය.

මිනිත්තු කිහිපයකින් නැවත කොට කලිසම පැළඳ ගත් ඔහු පොලිස් නිලධාරීන් ඒමට පෙර පිටියෙන් ඉවතට දුව ගොස් වැටෙන් පැන සිය සගයන් සමග එක්විය. මේ වනවිට ඔහු අත්අඩංගුවේ පසුවන අතර, හෙට (28දා) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.