චමල් ඉවතට

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයකු වශයෙන් මීට පෙර පත් කර තිබූ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාව ඉන් ඉවත් කර එම ධුරය සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාව පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පසු ගිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් දෙකකදීම සම සභාපති ධූරය ඉසුලුවද ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ පත්වීම බාර ගෙන නොතිබූ නිසා අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම තනතුරට පත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.