සරත් ෆෝන්සේකා සීයා කෙනෙක් වෙයි

apsara fonseka
ඇමති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ඇමරිකාවේ වාසය කරන වැඩිමහල් දියණිය අප්සරා ෆොන්සේකා පුතෙකු බිහිකිරීම නිසා ෆොන්සේකා සීයා කෙනෙකු බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

අප්සරා විවාහ වී සිටින්නේ ඇමරිකාවේ නිව්යෝර්ක්හි විගණන උපදේශකයකු ලෙස කටයුතු කරන ශ‍්‍රී ලාංකිකයෙකු වන ඉෂ්වින් ද සේරම් සමඟය.(මින් ඉහත දනුන තිලකරත්න සමග විවාහ වී සිටි නමුත් පසුව අප්සරා ඔහුගෙන් වෙන්විය)


සරත් ෆොන්සේකාගේ දෙවන දියණිය අපර්ණාද ඇමරිකානු ජාතිකයෙකු සමග විවාහවී ඇමරිකාවේ වාසය කරයි.
අප්සරා දියණියට දරුවෙකු ලබන්නට ආසන්න කාලයේ ඇය බලන්නට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමරිකාවට යන්නට පසුගියදා උත්සාහ කළත් වීසා ප‍්‍රශ්නයක් නිසා එහි යාමට නොහැකිවූ බවටද වාර්තා පළවිය. කෙසේ වෙතත් නුදුරු කාලයක මුණුපුරාද රැගෙන සීයා පෙන්වන්නට අප්සරා ලංකාවට පැමිණෙන්නට නියමිතය.
apsara fonseka