බැසිල් රෝහල් ගතකරයි!

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරයාගේ අනුමැතිය මත බැසිල් රාජපක්ෂ මෙලෙස රෝහල් ගත කළ බව ද සදහන්.

2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රු.මිලියන 33ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ රාජපක්ෂ ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබිණි.

අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මෙලෙස අද දිනයේ රෝහලට ඇතුළත් කර තිබේ.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව දිවිනැගුම අරමුදල් වංචා කිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ බි වාර්තාව පහත දැක්වේ.