පාද යාත්‍රා ගිය රැසකට වැඩ වරදී

පක්ෂයේ තීරණ වලට අභියෝග කරමින් විනය නීති කඩකරමින් කටයුතු කරන, ජනසටන පාද යාත්‍රාව සඳහා ක්‍රියාකාරීව දායකත්වය සැපයූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාහි තනතුරු දරන මැති ඇමැතිවරු රැසකට ළඟදීම තම තනතුරු අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග මඟින් හෙළි වෙයි.

පසුගියදා පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙන අතර, මෙහිදී බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල කැපී පෙනෙන නියෝජිතයන් කිහිපදෙනකු සිටින බවද ආරංචි වේ.