සජින්ට ඇප

හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08දා) නියෝග කළේය.

සමාගම් අධ්‍යක්ෂවරයෙකුට මරණීය තර්ජන එල්ල කළ රුපියල් කෝටි 60කට අධික කොස්මෝස් සමාගමට යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලැබීය.

රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින වූ ශරීර ඇප හතරක් මත හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරනු ලැබීය.