මහින්ද ආණ්ඩුව පෙරලන හැටි කියයි

ආණ්ඩු පෙරලියක් සිදුකරන ආකාරය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (14) ඉඟියක් පළ කළා.

ඒ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඉන් පිටව යද්දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ පාද යාත්‍රා, ජනඝෝෂා ව්‍යාපාර ඔස්සේ ප්‍රේමදාස රජය පෙරලූ ආකාරයට වත්මන් රජයද පෙරලා දැමීමට තමන්ට හැකි බවයි.
මේ අතර, ඊයේ (14) දිනයේත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට ගොස් තිබුණා.