ඇසළ පෝයට බස් ගාස්තු දන්සැලක්

අද(ජූලි 19) යෙදී තිබෙන ඇසළ පොහොය නිමිත්තෙන් මාර්ග අංක 285 පුද්ගලික බස් රථ නොමිල සේවාවක් අරඹා තිබෙනවා.ඒ අනුව එම බස් රථවල ගමන් ගන්නා සියලූම මගීන්ට උදේ 5.30 සිට සවස 7 දක්වා ගමන් කිරීමේදී බස් ගාස්තු අය නොකර නොමිලේ රැගෙන යාම සිදු කරනු ලැබේ.

මේ ආකාරයට ඇතැම් බස් රථ පොහොය දිනයට දන්සැල් සේවා ක‍්‍රියාත්මක කිරීම විවිධ අවස්ථාවල දක්නට ලැබුණත් සාමූහිකව තනි මාර්ග අංකයක සියලූම බස් රථ මේ ආකාරයට කටයුතු කිරීම විරල දසුනක් වී තිබේ.