නාමල්ට නිවසින් කෑම ගෙන ඒමට අවසර

රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ ආහාර ලබා ගැනීම වෙනුවට නිවසින් ආහාර ගෙන ඒමට බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඊයේ (12) ඉල්ලීමක් කර තිබේ.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ විශේෂ ආරක්ෂාවක් සහිතව නාමල් රාජපක්ෂ මහතා රඳවා ඇති බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.

නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව ඊයේ (12) සිට ඒ මහතාට නිවසින් ආහාර ගෙනවිත් අනුභව කිරීමට අවස්ථාව ලබා දී ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
චාමර අමරසූරිය