කොළඹට හෙට වතුර නැහැ

කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට දහවල් 12.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ හා ගොඩගම හා මීපේ, හංවැල්ල, කළුඅග්ගල හා පාදුක්ක යන ප‍්‍රදේශවලට ජාල සැපයුම අත්හිටුවනු ලැබේ.


එසේම කඩුවෙල ප‍්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන අතර කලටුවාව ජල පවිත‍්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජාල සැපයුම අදාල වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.