ප‍්‍රවීණයෙක් පේ‍්‍රමයෙන් මුළා වෙලා ලූ

ලංකාවේ ප‍්‍රසිද්ධ ඒ වගේම ප‍්‍රවීණ, මැදිවියත් පහුකරලා ඉන්න වයෝවෘද්ධ ලූක් එකක් තියෙන, ලොකු ලොකු දරුමල්ලො ඉන්න ගායකයෙක් ඔන්න බොලේ ආයෙත් සම්බන්ධයක් පටන් අරගෙනලූ.

හැබැයි ඒ සම්බන්දෙ නියම් ද? අනියම් ද? කියලා නම් කියන්න අපි දන්නෑ. ඒත් ඉතින් ඔය කියන ප‍්‍රවීණයා නියම් අනියම් හරි සම්බන්දෙ පවත්වාගෙන යනවා කියන්නෙ ගාල්ල පැත්තෙ ඉන්න එච්චර වයස නැති බැංකු සේවිකාවක් එක්කලූ. ඔය කියන සම්බන්දෙ එසේ මෙසේ එකකුත් නෙමෙයිලූ.

 ආරංචියේ හැටියට දෙන්නට ඉන්න තංගල්ල පැත්තෙ ගේකුත් හදාගෙන යනවලූ. අලූත් ගෙදර වැඩකටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද කියලා බලන්න සංගීත ප‍්‍රවීණයත් සතියකට දෙපාරක් තුන්පාරක් කොළඹ ඉඳන් තංගල්ලෙ යනවලූ.

කොහොම වුණත් සංගීත ප‍්‍රවීණයගෙ ඔය හුට්ටප් පර හුට්ටප්පරේ හින්දා කතාවට අදාළ බැංකු සේවිකාවගෙ විවාහ ජීවිතේටත් කනකොකා අඩළලලූ. අනේ මන්දා ඉතින් ‘එගොඩහා’ යන්න ඉන්න කාලෙ පිනක් දහමක් කරගන්නෙ නැතුව අනුන්ගෙ පවුල් ජීවිතත් කඩාදාලා රට්ටුන්ට හොඳ මූණ පෙන්නගෙන නටන ‘මළ සමයං’ මොනවද කියලා ‘පේ‍්‍රමෙන් මුළා වෙලා... මිනිහා කොහේද මේ...’