සිසුවියන්ට ජනනේද්‍රිය පෙන්නලා

ගාල්ල බස් නැවතුම්පොලේදී පාසැල් සිසුවියන් දෙදෙනෙකුට ජනනේද්‍රිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවෙකු මේ මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමටද නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ විසිහය හැවිරිදි අලෙවි කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.

ගාල්ල බස් නැවතුම්පොලේ උඩුමහලේ සිට පහතට බසිමින් සිටි උසස් පෙල ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකුට පෙනෙන පරිදි සැකකරු කලිසමේ ඉදිරිපස විවෘත කොට ජනේන්ද්‍රිය ප්‍රදර්ශනය කරමින් උඩුමහලට නගිමින් සිටින විට අපහසුවටපත්වු සිසුවියන් දෙදෙනා ඒ අසල සිටි වෙනත් කෙනෙකුට මේ සිද්ධිය පවසා ඇත.

ඒ සමගම සිවිල් ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකරු අසලට ගොස් ඇත.

එවිට මෙම නිලධාරීන් දෙදෙනා සිසුවියන්ගේ ඥාතීන් යයි සිතු සැකකරු දුව යෑමට උත්සාහ කළ විට අත්අඩංගුවට ගෙන තිබුණි.