නිළියකගේ දෙවෙනි කසාදෙත් අවුල් ලු

රටේ නමක් හදාගත්තු එක්තරා ජනප‍්‍රිය නිළියක් දෙයියනේ කියලා දෙවැනි පාරටත් එයා වගේම දෙවැනි පාර කසාද බැඳපු කෙනෙක් හොයාගෙන පහුගිය කාලෙ මඟුල් කෑවා නේ. ඒත් ඉතින් ඒ විවාහයත් දැන් දැන් දෙදරන්න පටන් අරන් කියන දුක් පුවත කැලෑ පත්තරේට වාර්තා වුණා.

ඒකට හේතුව ඔය කියන නිළියගෙ දෙවැනි සැමියා එයාගෙ පළමු බිරිඳට ආයෙත් ආදරය කරන්න පටන් අරන් තියෙන නිසාලූනේ. නිළියට හොරෙන් එයාගෙ සැමියා පළමු බිරිඳ එක්ක එහෙ මෙහෙ රවුම් ගහන්න විතරක්ම නෙමෙයි රෑට රෑට ඩිනර්වලටත් හීනියට වගේ සෙට් වෙන්න පටන් අරන්ලූ. ඕං ඔය ප‍්‍රශ්නෙ හින්දා දැන් නිළිය නම් ඉන්නෙ කලකිරීමෙන් වගේලූ.

හැබැයි ඉතින් මේ සන්තෑසිය වෙලා තියෙන්නෙ කාටද කින්ද මන්ද කියලා නම් ගම් ඇතුව කියන්න විදිහක් නම් නෑ. මොකද කැලෑ පත්තරේට වුණත් සදාචාරයක් කියලා මෙව්වා එකක් තියෙනවනේ. ඒත් ඉතින් මැදහත් සිතින් බැලූවොත් සැඟවුණු අමුත්තා, අමුත්තිය කවුද කියලා හොයා ගන්න බැරිවෙන එකකුත් නෑ.

ඉතින්... පත්තුවෙන්නත් එක්ක ටිකක් පිඹින්නකෝ.