මත්කුඩු සමග චීවරධාරියෙකු හසුවෙයි

හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි චීවරධාරියෙකු ඇතුලූ තවත් තිදෙනෙකු නොච්චියාගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

කොළඹ සිට පුත්තලම හරහා නොච්චියාගමට සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ සවස අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළා.

එහිදී මේ මත්කුඩු ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 320 ක් සොයාගත් අතර තිදෙනෙක් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් අතර ගල්ගමුව තිඹිරියාය ප‍්‍රදේශයේ චීවරධාරියෙකු ද සිටි සඳහන්.

මෝටර් රථය පැදවූ තැනැත්තා පමුණුගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා වත්තල ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

කලක සිට ඔවුන් මෙම මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවට හෙළි වූ අතර ඔවුන්ගෙන් මත්කුඩු මිලදී ගන්නා නියෝජිතයන් සොයා මේ වනවිට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.