බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

බස් ගාස්තු සංශෝධනයට අදාළ නව සේවා ගාස්තු සියල්ල ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

අධිවේගී මාර්ගයන්හි සහ අන්තර් පළාත් බස් සේවා ඇතුළු සියළුම ලංගම සහ පෞද්ගලික බස් සේවාවන්හි බස් ගාස්තු සංශෝධනය වනු ඇත.

ලබන අගෝස්තු මස 01වැනිදා සිට ක්‍රියාත්මක බස් ගාස්තු චක්‍ර ලේඛනය මඟින් අනුමත ප්‍රමාණයට වඩා මගීන්ගෙන් ගාස්තු අය කරන බස් ධාවකයන් පිළිබඳව දැඩිව ක්‍රියාකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

අද (22) දින ප්‍රකාශිත නව ගාස්තු චක්‍රයට අනුව අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට මාතර දක්වා නව බස් ගාස්තුව රුපියල් 490ක් වන අතර, මහරගම සිට ගාල්ල දක්වා ගාස්තුව රුපියල් 390ක් වන බව ද එම කොමිසම කියාසිටී.

සංශෝධිත බස් ගාස්තු සියල්ල පහතින්.