දෙවන පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරය අද (29) අවසන් වේ. තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ ලබන අගෝස්තු මස 31 වනදාය. අධ්‍යාපන පොස සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ඇගැයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.