අයියලා දෙන්නෙක් නංගීව කෙළසලා !

මිනිස් වෙස් ගත් තිරිසන් වැඩ කරන මිනිසුන් අප අතරින් ඉන්නවා කියන එකට ඕනෑ තරම් ලෝකේ නිදසුන් විදිහට තියෙනවා.ඒත් තමන්ගේ එක කුස උපන් සහෝදරියටම තිරිසන් වැඩක් කරන්න පුළුවන් මොන හිතකින්ද ?

ඒත් එහෙම කරපු අයියලා දෙන්නෙකුත් මේ රටේ ඉන්නවා.හබරාදූව පිලාන වංචාවල පදිංචි මීපේ ගමගේ වාසනා සදරේණු නම් දැනට වයස 17 පසුවන මේ තරුණියට 2013 වගේම 2014 අවුරුද්දේ තමන්ගේම අයියලා දෙන්නා විටන් විට අපයෝජනය කරලා තියෙනවා.

මේ ගැන ඊයේ (25) ඒ තරුණිය හබරාදූව පොලීසියට පැමිණිලි කරලා තියෙන්නේ.එ් අනුව ක්‍රීයාත්මක වුනු හබරාදුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් මෙම සැකකරැවන් දෙන්නව අත්අඩංගුවට ගත්තා.

මේ තරුණයන් දෙන්නා වයස අවුරුදු 21 සහ 26 පසුවන අයයි.සැකකරැවන් අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ මහේස්ත්‍රාත්වරයා එයාලව ලබන මාසේ 10 වැනිදා වෙනකන් රිමාන්ඩ් කළා.

තරුණියව වෛද්‍ය පරීක්ෂණයටත් ඊට පස්සෙ පරීවාස භාරයටත් පත්කළා.දෙමාපියන් කුලී වැඩට ගිය අවස්ථාවේ පළමුව වැඩිමහල් අයියාත් දෙවනුව බාල අයියාත් මේ තරැණියව කෙළසලා තියෙනවා.මේ සිද්ධියට මුහුණ දෙන කොට මේ තරුණියගේ වයස අවුරුදු 14යි.