මර්වින්ගේ අලුත්ම වැඩේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය කුළුඳුල් චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ.   චිත‍්‍රපටයේ නම ‘ජගුවාරා’ වන අතර මෙහි සියලූ රූගත කිරීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ දී සිදු කිරීමට නියමිතව ඇත.

ජගුවාරා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය දිනේෂ් ප‍්‍රියසාද් මහතා විසින් කරනු ලබන අතර එහි නිෂ්පාදක වශයෙන් කටයුතු කරන්නේ මර්වින් සිල්වා මහතාය. 

චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමාව වී ඇත්තේ ‘යුක්තිය, සාධාරණය ඉල්ලා සටන් වදින මෙල්ල කළ නොහැකි දරදඬු චරිතයක්’ යන්නය. ජගුවාරා චිත‍්‍රපටයේ නළු නිළියන් රැසක් චරිත නිරූපණය සඳහා තෝරාගෙන ඇති අතර එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාගේ චරිතය හෙවත් ජගුවාරාගේ චරිතයට පණ පොවන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතාය. 

චිත‍්‍රපටය නිෂ්පාදනයට අමතරව ‘සතර මහා නරකාදියේ ඇබෑර්තු ඇත’ යනුවෙන් ගව ඝාතනයට එරෙහි ප‍්‍රචාරක ව්‍යාපෘතියක් මර්විල් සිල්වා මහතා විසින් දියත් කරනු ලැබ ඇත. ඊට අදාළ ලිපි විහාරස්ථානවලට මේ වන විටත් යවා ඇත. 

එකී ලිපියෙන් ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා ඇත්තේ ‘අනගාරික ධර්මපාලතුමන්ගේ මඟ යමින් ඇපා දෙපා සීපා සියලූම සතුන්ගේ මරණ භය දුරුකර ශ‍්‍රී ලංකාව එකම අභය භූමියක් කරලීමට තමන් කැපවන බවයි.

හිටපු අමාත්‍යවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය පිළිබඳව කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ”දැන්ම කියන්න බෑ පොඞ්ඩක් ඉවසන්න” කියාය.

- දයා නෙත්තසිංහ