කුඩා දැරියක් මරුට (වීඩියෝ)

කහටගස්දිගිලි ඊතලවැටුනු වැව ප්‍රදේශයේ පහුගිය 19 වැනිදා හවස මවක් සහ ගැහැණු ළමුන් සිව්දෙනෙකු නෙළුම් ඇට අමුවෙන් සහ තම්බලා ආහාරයට ගෙන තියෙනවා.

ඉන් අනතුරුව ඔවුන් වරකා ගෙඩියකුත් ආහාරගෙන තියෙනවා.අනතුරුව නින්දට ගිය ඔවුන් උදෑසන අවධි වූවට පසුව බිස්කට් අනුභව කරලා.ඊට පස්සේ උදරයේ අමාරුවක් ඇතිවෙලා. අනතුරුව එකදිගට වැසිකිලි ගොස් තියෙනවා.

එය මගහරවා ගැනීමට ඔවුන් සිසිල් පැන් බීම බෝතලයක් රැගෙනවිත් එයද පානය කරලා.එය පානය කිරීමෙන් අනතුරුව මවට වේදනාව අඩුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් දරුවන් සිව්දෙනාට උදරාබාදයේ වේදනාව නම් අඩුවී නැහැ.මේ නිසා මව දරුවන් සිව්දෙනාව ඊයේ (20) උදෑසන 11ට පමණ කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා.

එම රෝහලේ මූලික ප්‍රතිකාර කළාට පසුව දරුවන් සිව්දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තියෙනවා.අනුරාධපුර රෝහලට මාරුකර යවන අවස්ථාවේ ඒ දරුවන් අතර හිටපු වයස අවුරුදු 6ක දැරියක් ජීවිතක්ෂයට පත්වෙලා.අනිත් තුන්දෙනාගෙන් දෙන්නනෙක්ගේ තත්ත්වය බරපතල නිසා ඔවුන්ව හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කරලා තියෙනවා.කෙසේ වෙතත් මේ වන විට නම් අනෙක් දරුවන් තුන්දෙනාගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙලා.