නාමල් අත්අඩංගුවට ගන්නැයි නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා කෙළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (28) නියෝග කර තිබේ.

ගවර්ස් කෝපරේෂන් සභාපති බව කියන නාමල් රාජපක්ෂ ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයිද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට ඔහුට මෙතෙක් හැකි නොවූ බැවින් එම මුදල් ලැබුණ ආකාරය සැක සහිත බවද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ පැහැදිලි කර ඇත.

මේ අනුව නාමල් රාජපක්ෂ මහතා මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇති හෙයින් ඔහු ඇතුළු හය දෙනෙකුට චෝදනා ගොනු කිරිමට සාක්කි තිබෙන බවත් නිතිපති උපදෙස් ලැබී ඇතැයිද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත් නියෝග කර ඇත.

මෙම නඩුවේ දෙවැනි සැකකරු වන ඉන්දික ප්‍රභාත් කරුණාධීර රටින් පැන ගොස් ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ඇතුළත් වරෙන්තුවක් නිකුත් කර තිබේ.