සොහොයුරා දැරිය දුෂණය කරයි

පිටබැද්දර පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් නිවසේ දි දුෂණය කර ඇතැයි පැවසෙන ඇයගේ 18 හැවිරිදි බාල සොහොයුරා පිටබැද්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.

මෙම දැරිය පාසලේ 07 වසරේ ඉගෙනුම ලබන තැනැත්තියෙකි. 2016 මාර්තු මාසයේදි ඇය දුෂණයට ලක්කිරිමෙන් අනතුරුව මෙම සිද්ධිය කාටහරි පැවසුවොත් මරාදමන බවට තර්ජනය කරමින් කිහිප දිනක්ම ඇය දුෂණයට ලක්කර ඇත. ඇයට මෙම වදහිංසා ඉවසාගැනිමට නොහැකිව පාසලට ගියවිට පන්තිය භාර ගුරුතුමියට පැවසිමෙන් පසු විදුහල්පතිවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිනිල්ල අනුව සැකකාර සොහොයුරා අත්අඩංගුවට ගෙනඇත.

සැකකාර සොහොයුරා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. දැරිය වෛද්‍ය පරික්ෂණ සඳහා රෝහල් ගතකරඇත.

මේ අතර මාතර බස්නැවතුමේ අතරමං වී සිඟමන් යදිමින් සිටි 15 හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනකු මාතර පොලිසිය භාරයට ගෙන ඇත.

මාතර බස්නැවතුමේ පොලිස් මුරපලේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය භාරයටගත් මෙම දැරියන් දෙදෙනා ගෙවල් වලින් රහසේ පැනවිත් ඇති දෙදෙනකු බවත් එක් අයෙකු දුෂණයට ලක්විඇති බවත් අනාවරණය වී ඇත. ඉතිරි දැරියද දුෂණයට ලක්වි ඇති බවට සැක මතුවි ඇති අතර දැරියන් දෙදෙනා අකුරැස්සේ පදිංචි අයවෙති.

10 වන දින රාත්‍රිකාලයේ නිවෙස් වලින් පැනවිත් දුරකථනයෙන් හඳුනාගෙන තිබු නොදුටු පෙම්වතකු සමග අකුරැස්ස ප්‍රෙද්ශයේ පාලු නිවසක රාත්‍රිකාලයේ පෙම්සුව විඳ පෙම්වතා විසින් මොවුන් මාතර බස්නැවතුමට දමා පලාගොස් ඇතිබව හෙළිවේ.

මෙම දැරියන් දෙදෙනාම වෛද්‍ය පරික්ෂණයකට සහ ප්‍රත්‍රිකාර ලබාදිමට මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.