පුෂ්පිකා මව් පදවියට

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා ගිය වසරේ විවාහ දිවියට එළැඹුණා.
ව්‍යාපාරිකයෙකුගේ මනමාලිය වුණු පුෂ්පිකාගේ පුංචි පවුලට මේ වෙද්දි අලුත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

මේ ගැන ඇයගේ ෆේස්බුක් ගිණුමෙත් පුංචි සටහනක් තිබුණා වගේම පහුගිය දවසක පවුලේ අය එක්ක ගිහින් තිබුණු විනෝද චාරිකාවකදි ගත්ත ඡායාරූප වලට දැම්ම කමෙන්ට් එකකත් ඇය දැන් ගැබ් අරන් තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා.