ඇමති දුවක් හෙට යුගදිවියට

ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ සිය ජීවිතයේ නව සංධිස්ථානයක් පසුකරමින් හෙට දින (22) විවාහ දිවියට පියවර ඔසවයි.

ඔහුගේ ජීවිතයේ අනාගත සහකාරිය ලෙස අත ගන්නා මනාලිය වන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතතාගේ ආදරණීය දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර මෙනවියයි.

‘කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ්’ හෝටලයේ පැවැත්වෙන මංගල උත්සවයේ‍ෙජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මනාලියගේ පාර්ශවය වෙනුවෙනුත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මනාල පාර්ශවය වෙනුවෙනුත් සාක්‍ෂි තබන්නට සහභාගි වීම විශේෂත්වයකි.
  Palitha Range bandara's daughter Wedding Pre shoot