මුරලිට ජාත්‍යන්තර ගෞරව නාමයක්

ලෝක ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමලේඛණයට ( Hall of Fame) මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කර තිබෙනවා.

ඒබව ලෝක ක්‍රිකට් සම්මේලනය මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මෙම ලැයිස්තුවට නම් ඇතුළත් කරනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන කමිටුවක් විසින්.

මුත්තයියා මුරලිදරන්ට අමතරව තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් මේ වසර සඳහා නම් කර තිබෙනවා.
Hall of Fame නාමයෙන් ගෞරවයට පාත්‍ර වූ සියලු ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව මෙතැනින් නරඹන්න.