බස් ගාස්තුව 6% කින් ඉහළට

ලබන අගොස්තු 1 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පවතින බස් ගාස්තු සියයට 6 කින් ඉහළ යනු ඇති බව රජය අද දැනුම් දුන්නා.

මෙම ඉහළ දැමීම සිදු කර ඇත්තේ වාර්ෂික ගාස්තු වැඩි කිරීමේ අනුපාතයද ඉක්මවමිනි.

පසුගිය කාලයේ ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ නිසා රජය යෝජනා කළ සියයට 3.2 ඉහළ දැමීම කළ නොහැකි බවත් සියයට 6 ක් අවශ්‍ය බවත්  නැතිනම් දීපව්‍යාප්ත වර්ජනයකට යන බවත් බස් සංගම් දන්වා සිටි නිසා රජයට එයට එකඟ වන්නට සිදුවූ බව වාර්තා වුණා. නව ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව රුපියල් 8 අවම ගාස්තුව 9 දක්වා ඉහළ යනු ඇති අතර අනෙක් ගාස්තු වැඩිවීම් තව ටික දිනකින් ප‍්‍රකාශයට පත් කරනු ඇත.