දැරියව 30 කට වැඩි පිරිසක් දූෂණය කරලා

දෙනියායේ පිටබැද්දර ප්‍රදේශයේ දහතුන් හැවිරිදි (13) දැරියක මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක් කළායැයි කියන 30 දෙනෙකුට වැඩි පිරිසක් සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ විවිධ පිරිස් විසින් ඇය අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඇය කෙළෙසීයැයි කියන එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් සඳහන්. අවසන් වතාවට චීවරධාරියෙකු විසින් ද ඇයව අපයෝජනයට ලක් කර ඇතැයි ද පොලීසිය පවසයි.

දැරිවිය අතුරුදහන්ව සිටියදී නිට්ටඹුව ප්‍රදේශයේ තරුණයෙකු සමග නිවසක සිටියදී පොලිස් භාරයට පත් ව තිබෙනවා. එහිදී අදාළ තරුණයාද පොලිස් භාරයට ගෙන වැඩි දුර විමර්ශන සිදු කර තිබෙනවා.

අවුරුදු හතේදී (07) පළමු වරට ඇය අතවරයට ලක්ව ඇති අතර දූෂණයට ලක්ව ඇත්තේ අවුරුදු දහයේ දී වැඩිවියට පත් වීමෙන් අනතුරුවයි.

පසුගිය මාස දෙකකට පමණ ඉහතදී දෙමාපියන් සමග අමනාප වී ඇය නිවසින් ගිය පසු 30 දෙනෙකුට වැඩි පිරිසක් විසින් දූෂණය කර තිබෙන බවත් ඊට අනුබල දුන් සහ ආධාර දෙමින් වක්‍රාකාරයෙන් සහාය දැක් වු පිරිස 50 කට වැඩි බවත් හෙළි වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා ද අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

පිටබැද්දර,අකුරැස්ස,මාතර,ගාල්ල,නෙලුව,නිට්ටඹුව ආදී ප්‍රදේශවල හෝටල් හා පාලු ස්ථානවල දී ඇය මෙම අපරාධයට ලක්ව ඇති බවත් අනාවරණය වී තිබෙනවා. ඇතැම් අය විසින් ඇයව වෙනත් පුද්ගලයන්ට මුදලට විකිණීමට පවා කටයුතු කර තිබෙනවා.